Loading...

Wednesday, October 5, 2016

ගුරුවරු 60,000ක් හිඟයි

පාසල්වල ගුරු පුරප්පාඩු 60,000ක් පමණ ඇතැයි අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

එසේම දිවයිනේ සියලූ‍ පාසල්වල ගුරු තුලනය තුළ දක්නට ලැඛෙන විෂමතා හේතුවෙන් ගුරුවරුන් 40,000ක පමණ අතිරික්තයක් ඇතැයිද ඒ මහතා කියයි.

එම අසමතුලිතතාව නැති කිරීම සඳහා කැබිනට් පත්‍රිකාවක් අමාත්‍ය මණ්ඩලයට
ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවද ඒ මහතා පවසයි.

ඉදිරියේදී ගුරුපුරප්පාඩු සඳහා බඳවා ගනු ලබන්නේ එක් එක් පාසලේ ඇති ගුරු පුරප්පාඩු සංඛ්‍යාව අනූව පමණක් බවද ඔහු කියයි.අරලියගහ මන්දිරයේදී ඊයේ පැවැති උත්සවයකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය

No comments:

Post a Comment