Loading...

Monday, January 16, 2017

බත්තලන්ගුන්ඩුව දූපතේ දී පොලිසියට ප‍්‍රහාරයක්

කල්පිටිය බත්තලන්ගුන්ඩුව දූපතේ දී පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු පහරදීමකට ලක්ව තුවාල ලබා තිබෙනවා.

ප‍්‍රතිකාර සඳහා ඔවුන් දෙදෙනා කල්පිටිය දිසා රෝහලට ඇතුළත් කර ඇති අතර පසුව එක්

අයෙකු වැඩිදුර ප‍්‍රතිකාර සඳහා පුත්තලම මූලික රෝහලට මාරුකර ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

සිය පුතණුවන් නිවස තුළ කළහකාරීව හැසිරෙන බවට කාන්තාවකගෙන් ලැබුණු පැමිණිල්ලක් විභාග කිරීම සඳහා මෙම නිලධාරීන් දෙදෙනා බත්තලන්ගුන්ඩුව දූපතට ගොස් තිබෙනවා.

නිලධාරීන්ට ද පහරදී ඇත්තේ කළහකාරීව හැසිරෙන බව කියූ එම පුද්ගලයායි. තුවාල ලැබූ නිලධාරීන් දෙදෙනා ගොඩබිමට රැගෙනවිත් ඇත්තේ නාවික හමුදා යාත‍්‍රාවකින්.

පසුව දූපත්වාසීන්ගේ ද සහාය ඇතිව කළහ කළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
(under the courtesy of nethfm news web)

No comments:

Post a Comment