Loading...

Tuesday, February 14, 2017

තමිල්නාඩුව දෙදරයි - ශශිකලා ඇතුළු සිව් දෙනෙකුට සිරදඬුවම්

හිටපු තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය ජයලලිතා ජයරාම් ඇතුළු සිව් දෙනෙකුට ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වසර 4 කට සිරදඬුවම් නියම කර තිබේ.

ජයලලිතා ජයරාම් මහත්මිය මේ වන ජීවතුන් අතර නොමැති හෙයින් සෙසු විත්තිකරුවන් වන ශශිකලා

නඩරාජන්, සුදාහරන් හා ඉරවරසි යන තිදෙනාට සති 4 ක් ඇතුළත අධිකරණයට භාර වන ලෙස නියෝග කර තිබේ.

ජයලලිතා ජයරාම්ගේ අභාවයෙන් පසු AIADMK පක්ෂයේ නායකත්වයට පත් වු ශශිකලා නඩරාජන්ට තමිල්නාඩු ප්‍රධාන අමාත්‍යධූරය හිමිවීමට නියමිතව තිබිණි. කෙසේ වෙතත් අද දිනයේ ප්‍රකාශයට පත් මෙම නඩු තීන්දුව සමඟින් තමිල්නාඩුවේ දේශපාලනය තීරණාත්මක වෙනසක් අත් කර ගනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි.

වත්කම් උපයා ගත් ආකාරය නිසි ලෙස අනාවරණය කිරීමට නොහැකි වීමේ චෝදනාව මත මෙම පිරිසට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගෙන තිබිණි.

(under the courtesy of adaderana news web)

No comments:

Post a Comment