Loading...

Monday, January 2, 2017

තනතුර අතහැරි රාජ්‍ය ඇමති සැලසුම හෙලි කරයි

අමාත්‍ය ධුරයෙන් ඉවත් වුව ද ඒකාබද්ධ විපක්ෂය සමග එක්වීමේ අදහසක් තවමත් නොමැති බව පළාත් සභා හා පළාත් පාලන හිටපු රාජ්‍ය අමාත්‍ය ප‍්‍රියංකර ජයරත්න පවසනවා.

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ හෙතෙම සඳහන් කළේ zzමගේ අස්වීමට අමාත්‍යාංශයේ කිසිඳු ක්‍රියාකාරකමක් සම්බන්ධ නැහැ. දීර්ඝ සාකච්ඡාවකින් පස්සෙ තමයි මම මේ තීරණය ගත්තෙ. මගේ පාක්ෂිකයන්ගෙන් සහ

මන්ත්‍රීවරුන්ගෙන් දිගින් දිගටම බලපෑම් එල්ල වුණා දැන් ඉවත් වෙන්න කියලා. බැඳුම්කර වංචාව, චීනයට අක්කර පහලොස්දහසක් ලබා දීම, සුපිරි පනත වගේ කරුණු මගේ පාක්ෂිකයන් තුළ අප්‍රසාදයක් ඇති කළා. එක්සත් ජාතික පක්ෂයේ ඇතැම් ඇමතිවරු අපිට චෝදනා කළා..ඒගොල්ලොන්ගෙ ආණ්ඩුව වගේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව ගත් තීරණයක් මතයි අපි රැඳුනේ. මගේ බලාපොරොත්තුව නම් අපි ඉතා ඉක්මනින් අපේ ආණ්ඩුවක් හදන්න ඕනේ කියන එකයි. කොහොම වුනත් මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රිවරයෙක්. ඉවත් වුණාට පස්සේ මට මහින්ද අමරවීර, අනුර යාපා, දයාසිරි ජයසේකර වගේ ඇමතිවරු කතා කළා.. ඔවුන් කිව්වේ ඉක්මන් වුණේ ඇයි කියලා.. ගන්නවා නම් තීන්දුවක්.. එක තීන්දුවක් ගමුයි කියලයි කිව්වේ..ZZ යනුවෙනි.

No comments:

Post a Comment