Loading...

Monday, January 16, 2017

ඩ්‍රෝන් යානා ගැන නීතිය තවත් දැඩි වෙයි

නිසි අවසරයකින් තොරව ඩ්‍රෝන් යානා භාවිත කිරීම සම්බන්ධයෙන් නීතිය දැඩිව ක‍්‍රියාත්මක කිරීමට පොලිසිය තීරණය කර තිබෙනවා.

කැමරාවක් සහිත ඩ්‍රෝන් යානයක් රුවන්වැලි සෑයේ ගැටී පෙරේදා සිදු වූ අනතුරෙන් පසු නෙත් නිවුස් කළ විමසීමකදීයි මේ බව ප‍්‍රකාශ

කෙරුණේ.

කැමරාකරණයේ දී ගුවනේ සිට දර්ශන ලබාගැනීම සඳහා දැන් ඩ්‍රෝන් යානා සුලබව භාවිත කෙරෙනවා. රුවන්වැලි සෑ පරිශ‍්‍රයේ දී ඩ්‍රෝන් යානයක් යොදාගෙන තිබුණේ ද එහි පැවැත්වුණු කප්රුක් පූජාවක් රූගත කිරීම සඳහායි.

කෙසේ වෙතත් ඩ්‍රෝනා යානයක් භාවිත කිරීමේ දී අනුගමනය කළ යුතු පටිපාටිය හෝ ඩ්‍රෝන් යානයක තිබිය යුතු ප‍්‍රමිතිය පිළිබඳ බොහෝ දෙනාට තවමත් අවබෝධයක් නැහැ.

නෙත් නිවුස් ඒ පිළිබඳ කළ විමසීමක දී සිවිල් ගුවන් සේවා අධ්‍යක්‍ෂ ජනරාල් නිමලසිරි ද සිල්වා කියා සිටියේ අදාළ ප‍්‍රමිතීන් සිය වෙබ් අඩවියේ දක්වා ඇති බවයි.

ඩ්‍රෝන් යානයක් ශ‍්‍රී ලංකාවට ආනයනය කිරීමේ දී සහ එය භාවිත කිරීමේ දී අදාළ වන පටිපාටිය පිළිබඳව ද මෙහිදී විස්තර කෙරුණා. සෑම ඩ්‍රෝන් යානායක් සඳහාම සිවිල් ගුවන් සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගෙන් විධිමත් අවසරයක් ලබාගත යුතු බවයි එහිදී ප‍්‍රකාශ කෙරුණේ.

ප‍්‍රායෝගික ගැටළු හේතුවෙන් එක් එක් ඩ්‍රෝන් යානය භාවිත කරන තැනැත්තන් සහ අවස්ථා පිළිබඳ වෙන් වෙන්ව අඛණ්ඩව අධීක්ෂණය කිරීමට සිවිල් ගුවන් සේවා අධිකාරියට අපහසු බව ද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. ඒ අනුව එම අධීක්ෂණයන් සඳහා පොලිසියේ සහාය ලබාගන්නා බවයි සිවිල් ගුවන් සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා වැඩිදුරටත් කියා සිටියේ.
(under the courtesy of nethfm news web)

No comments:

Post a Comment