Loading...

Tuesday, February 14, 2017

සහල් සඳහා උපරිම මිල දෙකක් ජනපති නියම කරයි

වෙළඳ පොළේ කිසිවිටෙකත් සහල් හිඟයක් ඇතිවිය නොහැකි බවත් ජනතාවට සහන මිළකට සහල් ලබාදීම සඳහා නිසි ක‍්‍රමවේදයක් කඩිනමින් කි‍්‍රයාවට නැංවිය යුතු බවත් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන
මහතා අවධාරණය කරනවා.

සහල් මෝල් හිමියන් සහ සහල් ආනයනකරුවන් පිරිසක් සමග අද (14) දහවල් පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මේ බව කියාසිටියා.

ජනාධිපති කාර්යාලයේ පැවති මෙම සාකච්ඡාවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා කියාසිටියේ සහල් ආනයනයේදී ලබාදි ඇති බදු සහනය උපරිම අයුරින් පොදු ජනතාව වෙත ලබාදිය යුතු බවයි.

වෙළදපොලේ සහල් හිඟයක් ඇතිවීමට ඉඩ නොතබා සාමාන්‍ය ජනතාව පීඩාවට පත් නොවන අයුරින් සහන මිළකට සහල් ලබාදීම සියලූ දෙනාගේ වගකීමක් බවද මෙහිදී අවධාරණය කෙරුණා.

දේශීය සහ විදේශීය සහල් සඳහා උපරිම මිළ දෙකක් නියම කිරීමටද ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබාදුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ.

එමෙන්ම අවශ්‍ය  ඕනෑම අවස්ථාවක භාවිතයට ගතහැකි වන පරිදි සහල් මෙට්‍රික් ටොන් ලක්‍ෂයක් රජය සතු ගබඩාවල පවත්වාගෙන යාමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අදාළ පාර්ශ්ව වෙත මෙහිදී උපදෙස් ලබාදුන්නා.

(under the courtesy of nethfm news web)

No comments:

Post a Comment